Tuesday, August 24, 2010

බූට් එක... (කල්පනී)

හායි!!!! කොහොමද ඉතින් කස්ටිය!! අපිව නම් ඉතින් මතකත් නැතුව ඇති දැන් නේ?? කස්ටියම ආදර කතා අහන්න හරි කැමතියි නේ.... ඉතින් අද මම කියන්නම් බූට් කතාවක්... අපි ඉතින් ඔය ලොකු අයගෙ කතා දන්නේ නෑනේ.... ඒ නිසා මගේ හිච්චි කාලෙ කතාවක් කියන්නම්... කොල්ල 9 වසරෙදි කරපු ගොංකමක්....

ඔයාල ඉතින් මගේ මුල්ම ආදරේ නැති වුණ හැටි දන්නවනේ? දන්නෙ නැත්නම් මෙතනින් කියවන්න... අනිවා කියවලම බලන්නකෝ... එතකොට තේරෙයි මම 9 වසරෙ අප්‍රේල් නිවාඩුවෙන් පස්සේ කොච්චර අප්සට් එකේ ඉන්න ඇතිද කියලා... ඔන්න ඉතින් මම හැඟීම්බර වෙනවලු... එනිවේ, (ඒක කඩ්ඩෙං කිව්වෙ හොඳේ) ඔන්න ඔය කාලෙ මම හිතාගෙන හිටියේ ආයෙ කෙල්ලෙක් දිහා ඇහැක් අරල බලන්නෙ නෑ කියලා... ඒ කියන්නේ ඇස් දෙකම ඇරල බලන්නෙත් නෑ කියන එක හොඳේ... කොහොමින් කොහොම හරි ඔන්න මෙහෙම ටික කාලෙකුත් හිටියලු... ඒ ටිකේ කොල්ල ගියේ සිප්සර කියල පන්තියකටලු!! ඔන්න ඉතින් ඒකෙ ඉන්න අංගනාවියො දිහාවත් බැලුවෙ නෑලු.... බැරි වෙලාවත් හිත ගියොත්????? කොහොමින් කොහොම හරි ඒ කාලෙ කස්ටිය හිතන් හිතියෙ මං ගොබිලෙක් කියලලු!! හිකිස්!! මගේ වැඩ කිඩ දන්නෙ නැතුව!!! අයියෝ.... ආයෙත් ට්‍රැක් එක පැන්නා...

ඒ කාලෙ මගේ ෆිට් එක තමා කවියා, චීනා... මුන් දෙන්නම පැණි මුට්ටි දෙකක්! (මට කෝමත් සෙට් වෙන්නෙම ඔය වගේ උන්ව තමා...) ඔන්න මුන් දෙන්න බල්ලො අයිස් ක්‍රීම් දිහා බලනව වගේ කෙල්ලො දිහා බලනවලු... අනේ අපේ කථානායකය (පාර්ලිමේන්තුවෙ එක්කෙනා නෙවේ..) ඔය වෙලාවට අහක බලාගෙන ඉන්නවලු... ඔහොම ටික දවසක් හිටියයි කියමුකො, මෙන්න දවසක් මුන් දෙන්න කියාපි,

මොකෑ බං උඹ කෙල්ලෙක් දිහාවත් බලන්නෙ නැත්තෙ?

මම උත්තරයක් දෙන්න කට අරින්නත් කලිං අනිත් එකා, මූ ගේ ද කොහෙද බං
(ඔය උඩ පේලිය තේරෙන්නෙ නැති අය ප්‍රයිවට් එකේ කමෙන්ට් පාරක් දාන්නකො!! මං කියන්නම්)

අනාතයි!!!! මුන් ටික මට තව කාඩ් එකක් ගහන්න ලෑස්තිය!! ගේ කුරුල්ලලු!!! මුන් දෙන්නට දෙක තුනක් අනින්නමයි හිතුනෙ, ඒත් මුන් තරහ වුනොත් මට වෙන යාලුවො හිටියෙත් නෑ.. සිප්පරේ.... ඔන්න ඉතින් ඒ වෙලාවෙම වගේ ඔලුවට අයින්ස්ටයිං පාරක් ආවලු!!!

හරි, උඹලා හිතන්නේ මං !@#$%^& කියලනේ?? මම එහෙම නෑ කියල ඔප්පු කරන්නම්... සිප්පරේ කැමති කෙල්ලෙක් පෙන්නපං මං දාගෙන පෙන්නනවා....

මෙන්න මූ දියුණු වෙලා?? හරි අපි එකක් කිව්වොත් දාගන්නම ඕනි හොඳේ? බැරි වුණොත් උඹ... !@#$%^&...

අනේ පලයං @#$%^)(& යන්න... (මං පණ බයේ හිටියේ, මුං දෙන්නා බැරි වෙලාවත් අඩි දහයක් විතර උඩින් යන බඩ්ඩක් වත් පෙන්නුවොත්?)

පොඩ්ඩක් හිටපංකො ඔහොම පොඩි පාරක් පෙන්නන්න උඹට? මේක හොඳ නැද්ද?

හෆ්ෆා මුං ටික මට සිප්පරේ හිටපු අමුම අමු පොත් ගුල්ලියෙක්ව පෙන්නුවා... මාත් ඉතින් කට වරද්දගත්ත වගේ...

ඒකවම උඹ දාගන්න ඕනි... නැත්නම් උඹ !@#$%^&....

හරි හරි... මං දාගෙන පෙන්නන්නංකො... ඒත් උඹලට පෙන්නල අතාරිනව හොඳේ.....

ඔන්න ඉතින් එදාම පොඩි ටෝක්ස් පාරක් දැම්මලු! හික්ස්!! අපේ දැල් වලට හාල්මැස්සොත් අහු වෙන එකේ ඔය කෙල්ල කොහෙ බේරෙන්නද? ඔන්න සතියකින් විතර පොඩි චිට් කෑල්ලකින් කැමතිද ඇහුවලු... ඒත් කෙල්ල නොට් රෙස්පොන්ඩිං.... ඔන්න ඉතින් තව පොඩි අයින්ස්ටයිං කෑල්ලක් කොල්ලට මතක් වුණේ ඔය වෙලාවෙ... කොල්ල කොලයක් අරන්, "ඔයා මට කැමති නම් මේ කොලේ ගුලි කරන්න, අකමැති නම් ඉරන්න" ඕක කෙල්ලට දුන්න ගමං අපේ සෙට් එකම බලං හිටියේ මෙකි ඕකට මොකද කරන්නේ කියලා... මෙන්න බොලේ මේකි කොලේ තිබිච්ච විදියටම නවල පොතක් ඇතුලට දාගත්තා... (මොලෙත් ටිකක් තියෙනව වගේ) එදා සිප්පරේ පන්තියත් වෙරි නෝමල් ලු!! පන්ති ඇරලා එලියට යනකොටම මෙන්න කවියා හති දමාගෙන එනවා... "මචෝ... කම්පනී කොලේ ගුලි කරලා ඩෙස් එක උඩ තියලා ගියා..." හීනෙංවත් බලාපොරොත්තු නොවුන දෙයක්! ඔන්න ඉතිං මායි චීනයි ඕක බලන්නත් එක්කම හෝල් එක පැත්තට ගාටන්න පටන්ගත්තා....

මතු සම්බන්දයි....

මට දැං නිදිමතයි... ඉතුරු ටිකත් ලඟදිම ලියන්නම්... මේක ආදර කතාවක් නම් නෙවෙයි හොඳද? මේක පොඩි එකාගෙ පොඩි ගොං ජෝක් එකක්....

15 දෙනෙකුගේ ප්‍රතිචාර:

  1. කොලු කම උනත් ඉතින් ඔව්ව හොඳද මල්ලියේ.........????

    (ඔන්න ආදර කතාවත් ඔක්කොම කියෙව්ව.....)

    ReplyDelete
  2. @Hero, balu wada karannepa ban.
    Athal kathawe rasaya kawane oya char comment eken.

    ReplyDelete
  3. හුටා. ඉතින් ඊට පස්සෙ.... මදැයි කොලා... හික් හික්..

    හීරො මනුස්සයො උබට අම්මෙක් නැද්ද ?

    ReplyDelete
  4. හ්ම්ම්.... ඉතින් ඊට පස්සේ...

    ReplyDelete
  5. @හා පැටික්කි, තැන්කූ තැන්කූ... දිගටම රැඳිල ඉන්න... හොඳ හොඳ කතා කොල්ල තව ටිකක් ලොකු වුණාම, ඒ කියන්නෙ O/ළ් කරන කාලෙ කතා.... මේ ඔයා එහෙනම් මේකෙ ඉතුරු ටික නොකියවනවනම් හොඳයි මොකද ඉතුරු ටිකේ තමා සිරාම ටික තියෙන්නේ....

    ReplyDelete
  6. @Hero සහෝදරයා, තමන්ගේ හිතේ තියෙන දේවල් වලින් තමන්ගෙම සැබෑ තත්වය පිටට පේනවා... හිතේ තියෙන දේවල් හිතේම තියාගෙන පාඩුවෙ ඉන්න එක ඒවා මුලු ලෝකෙටම පෙන්නලා තමන්ගෙ තත්වය තමන්ම පහතට දාගන්නවට වඩා කොයිතරම් හොඳද? මේ වගේ කමෙන්ට් එකක් දැම්ම කියලා මටවත් මගේ කාගෙවත් ඇඟක වැදෙන්නෙ නෑ. ඒත් ඔබේ තත්වය කොයිතරම් පහතට වැටෙන්න ඇතිද කියලා හිතාගන්න ඔබටම ඉඩහරින්නම්... ඒ කමෙන්ට් එක ඉවත් කරන ලදී.

    ReplyDelete
  7. @Nuwan ඔවු සහෝ... ඕනම වැඩකදි ඔය වගේ අධමයින් ඉන්නවා... ඒ අය කියන දේවල් ඒ අය දිහා අනුකම්පාවෙන් බලල ගණනකට නොගන්න එක තමයි ඔලුවක් තියෙන අය කළයුත්තේ...

    ReplyDelete
  8. @පිස්සා කොලා කොලා... කොරපු වැඩේ හරියටම දැනගන්න ටිකක් කල් ඉන්නකෝ... ඔය වගේ !@#%$ හීරොලාට තමන්ගෙ සැබෑ තත්වෙ තේරුණාම ලැජ්ජාවට පත් වෙයි... එතකම් නොතේරෙන කමට කරන්නැතෑ....

    ReplyDelete
  9. @හසී ඊට පස්සෙ ටික පස්සෙ වෙලාවක කියන්නම්... (ඔයා කිව්වේ ඉතින් ඊට පස්සෙ නාට්‍යය ගැන නෙවෙයි නේ?) හික්ස්!!

    ReplyDelete
  10. ඉතිරියත් ලියනකං බලං ඉන්නෙ :D

    ReplyDelete
  11. heero wani pudgalayan comments noda innawa nam mama hithanne me kathawa thawath rasawath wei....balanna bari nam ahanna bari nam deyyane kiyala paththakata wela inna.....eka apita hodai....

    ReplyDelete
  12. @කණියා ලියන්නම්, ලියන්නම් ඉක්මනින් සහෝ... මේක නම් ටිකක් අගේ කරලම ලියන්න ඕනි...

    ReplyDelete
  13. @ඔමේෂ් ඔවු ඔවු, ඔය වගේ කොන්දක් නැති එවුන් ඕනි තරම් ඉන්නවා. උන් කියන එව්ව අපේ ඇඟවල් වල වදිනවයැ? ගණන් ගන්න එපා බං ඕවා...

    ReplyDelete
  14. ඉතිං ඊට පස්සෙ?????

    ReplyDelete
  15. ඔබගේ ජංගම දුරකථනයට නොමිලේ

    * jokes
    * amazing facts
    * technical news..etc

    ලබා ගැනිමට,

    පියවර 1.
    ඔබට facebook ගිනුමක් තිබිය යුතුයි. facebook ගිනුමක් නොමැතිනම් www.facebook.com වෙත පිවිස නොමිලේ ගිනුමක් ආරම්භ කරන්න. (http://goo.gl/QF5Y වෙත පිවිස facebook mobile alerts "on"කරන්න)

    පියවර 2.
    http://goo.gl/Ex9J වෙත පිවිස ඉහල ඇති "Like" බොත්තම ඔබන්න. (මෙවිට login වියයුතුයැයි දැන්වුවහොත්, ඔබේ email සහ password ඇතුලුකර login වන්න. මෙහිදි singup නොව login විමට වගබලාගන්න)

    පියවර 3.
    ඉන් පසු වම් ඉහල කෙලවරේ ඇති "Subscribe via SMS"යන්න ඔබන්න (confirm if ask).දැන් ඔබේ ජංගම දුරකථනයට free sms mobile alerts ලබෙනු ඇත.

    කරදරයක් වූවානම් සමාවන්න.
    email: m.box@live.com

    ReplyDelete

Subscribe to:Post Comments (Atom)